කොවිඩ්-19

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවකයින්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළඳුන්, සේවකයන් ඇතුළු 529 දෙනෙකුගේ සාම්පල ලබාගෙන සිදු කරන ලද PCR පරීක්ෂණවල වාර්තා අනුව ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බැව් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඔහු මාළු මිලදී ගැනීමට පැමිණි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල තාවකාලිකව වසා දැමීමටත් එහි වෙළඳුන් සහ සේවකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමටත් යොමු කරන ලදී. කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.

මේ අතර, අප්‍රේල් 23 වැනි දින ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරන ලද වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය සිදු කරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර සිටියි. ඒ අනුව අප්‍රේල් 23 වැනි දින PCR පරීක්ෂණ 1147ක් සිදු කර ඇත. අප්‍රේල් මස මුල දී එම පරීක්ෂණ ප්‍රමාණය 300ක් ව පැවතිණි.

Rivira FB Group Rivira Youtube
To Top