කොවිඩ්-19

සක්‍රීය ආසාදිතයින් ගණන 259ක් දක්වා තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 24 සිකුරාදා පස්වරු 12 වන විට 373 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 5 දෙනෙකු දිනය තුළ තහවුරු වීමත් සමගයි.

අප්‍රේල් 24 පස්වරු 12 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 107කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 259ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 173ක් බවද සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රීය ආසාදිතයින් ගණන පසුගිය දින කිහිපය තුළ දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව මේ වන සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 259ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් 5ක් යොදාගෙන ඇති අතර අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල රෝහල, කාත්තන්කුඩි රෝහල හා වැලිකන්ද රෝහල ඒ සඳහා යොදාගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top