ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් මඟින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නතක් අත්හදා බැලීම සඳහා අප්‍රේල් 23 වැනි දින ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෛනෙකුට ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, පළමු වටයේ පරීක්ෂණය සඳහා පුද්ගලයින් 1110ක් පමණ සහභාගී කර ගැනීමට අපේක්ෂා කරන බව එම විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
මෙම අත්හදා බැලීම සඳහා යොදා ගන්නා පුද්ගලයින්ගෙන් 50%කට මේ සඳහාම නිපද වූ එන්නත ද අනෙක් 50% (පාලන කණ්ඩායම) සඳහා දැනටමත් මෙනින්ජයිටිස් සඳහා භාවිතා කරනු ලබන එන්නතක් ද ලබා දෙන බවත්, නමුත් පරික්ෂණය සඳහා සහභාගී වන පුද්ගලයින් තමන්ට ලබා දී ඇත්තේ කුමන එන්නත ද යන්න පිළිබඳ නොදන්වා වෛද්‍යවරුන්ගේ අභිමතය පරිදි එය ලබා දෙන බවත් වාර්තා වෙයි.
ChAdOx1 nCoV-19 ලෙස හැඳින්වෙන මෙම එන්නත හානිකර නොවන චිම්පන්සි වෛරසයක් වන අතර එය ජානමය වශයෙන් වෙනස්කම් කර ඇති බැවින් එම වෛරසය මිනිස් ශරීරය තුළ නිපදවීමේ හැකියාවක් නොමැති බැවින් හානියක් සිදුවීමට ඉඩක් නොමැති බවත් ඔවුන් විශ්වාස කරන බව වාර්තා වේ.
මෙම එන්නත අත්හදා බැලීම සඳහා තීරණය කිරීමෙන් පසු ඒ සඳහා බ්‍රිතාන්‍යයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥවරියක් වන එලිසා ග්‍රැනාටෝ ඒ සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ 32වන උපන්දිනය දවසේ ඇය ඒ සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන සාරා ගිල්බට් ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට පවසා තිබුණේ තම කණ්ඩායම විසින් නිපදවන එන්නත සාර්ථක වනු ඇතැයි තමන්ට 80% ක විශ්වාසයක් පවතින බවයි.
කෙසේ වෙතත්, එන්නතේ අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවත් කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම ප්‍රමාද වේය යන උපකල්පනය මත මේ වන විට පනවා ඇති සමාජ දුරස්ථභාවය ලබන වසර දක්වා පවත්වා ගත යුතු බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

