,
Covid-19

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමට ඉදිරි දින 5ට නියමිත ගුවන් ගමන් මෙන්න

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා රජය අදියර කිහිපයක් යටතේ කටයුතු කරමින් සිටී. ඒ අනුව අප්‍රේල් 24 දින නේපාලයේ සිටින සිසුන් 93 දෙනෙකු ගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ යානයක් කත්මන්ඩු බලා පිටත්ව ගොස් තිබෙනවා. එම යානය පස්වරු 3.30ට යළි මෙරටට ළඟා වීමට නියමිතයි.

මීට අමතරව එහි ඉදිරි පියවර ලෙස පහත සඳහන් ගුවන් ගමන් මේ වන විටත් සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කියා සිටී. මෙරටට ගෙන එන සියලු කණ්ඩායම් නිරෝධායනය සඳහා යොමු කෙරෙන අතර ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ මගින් එය සිදුකරනු ලබයි.

  • යූඑල් 1144 අප්‍රේල් 25 වන දින ඉන්දියාවේ මුම්බායි වෙත
  • යූඑල් 1193 අප්‍රේල් 26 වන දින ඉන්දියාවේ කොයිම්බතූර් වෙත
  • යූඑල් 1190 අප්‍රේල් 27 බංග්ලාදේශයේ ඩකා වෙත
  • යූඑල් 1172 අප්‍රේල් 28 වන දින ඉන්දියාවේ බැංගලෝරයට

මීට අමතරව එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට මෙන්ම ඉල්ලීම් ලැබී ඇති සියලු රටවලින් ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ඉදිරියේ දී තවත් ගුවන් ගමන් සැළසුම් කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Rivira Ads
To Top