කොවිඩ්-19

කොරෝනා නිසා ඇමරිකාවේ 50,000කට දිවි අහිමි වෙති

කොවිඩ්-19 වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 24 පස්වරු 3 වන විට 886,709ක් වන අතර එය ලොව පුරා ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට (1/3) ආසන්න එනම් (32%)ක පමණ ප්‍රමාණයකි.

සමස්ථ ආසාදිතයින් අතුරින් 50,243 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුලයි. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 85,922ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 750,544ක් සිටී.

අවසන් පැය 24 තුළ ආසාදිතයින් 2300කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. එය අප්‍රේල් 15 දින එරට වාර්තා වූ මරණ සංඛ්‍යාව වූ 2806ට පසු වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණයයි.

එක්සත් ජනපදයේ පළමු මරණය පෙබරවාරි 29 වන දින වොෂිංටන් ප්‍රාන්තයේ සිදු වූවා යැයි මීට පෙර සිතූ අතර ඒ ඊට ආසන්න කාලයකදී වුහාන් සිට ආපසු පැමිණි පුද්ගලයෙකුගේ මරණයකි.

නමුත්, මේ වන විට එරට බලධාරීන් පවසන්නේ පළමු මරණයට සති තුනකට පමණ පෙර කොවිඩ්-19 හේතුවෙන් පෙබරවාරි 6 දින සිදුවී ඇති බවයි. එහෙත් මරණයට පත් අදාළ තැනැත්තිය කොරෝනා පරීක්ෂණයකට ලක්ව නොතිබීම හේතුවෙන් එය කොරෝනා මරණයක් ලෙස හඳුනාගෙන නැත. එලෙස මරණයට පත් වී ඇති තැනැත්තිය වෛරසය පැතිරගිය වූහාන් හෝ එවැනි ප්‍රදේශයකට ගොස් නැති අයෙකු බවද විදෙස් මාධ්‍ය කියා සිටී.

මෙතෙක් ඇමරිකා එක්සත් ජනපදය තුළ වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණ 4,775,625ක් එනම් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top