කොවිඩ්-19

අප්‍රේල් 27 සිට ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ, දිස්ත්‍රික්ක 4කට ඇතුල් වීම හා පිටවීම තහනම්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, අප්‍රේල් 27 දින සිට සියලුම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය දන්වා සිටිනවා.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල අප්‍රේල් 27 දින පෙරවරු 5 සිට ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇත. නමුත් දිස්ත්‍රික්ක 4කට ඇතුළු වීම හා පිට වීම තහනම් කර තිබෙනවා. ඒ කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කයි.

අප්‍රේල් 25 පෙරවරු 01.25ට නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම වැළැක්වීමට මේ වන විටත් පනතා ඇති ඇඳිරි නීතිය පහත පරිදි පැනවීමට කටයුතු කරනු ලැබේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස්බල ප්‍රදේශයද, මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බලප්‍රදේශයේ ද සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු පොලිස්බල ප්‍රදේශයේ ද, දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00ට ඉවත් කෙරේ.

සෙසු දිස්ත්‍රික්කවල අප්‍රේල් 24 රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00ට ඉවත් කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවලට පිවිසීම හෝ පිටවීම සියලු දෙනාට තහනම් කර ඇත.

ඇඳිරි නිතීය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම හා කෘසි කාර්මික කටයුතු සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.

Rivira FB Group Rivira Youtube
To Top