අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 25 පස්වරු 3.00ට)
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පළ වූ වාර්තා සත්‍යයෙන් තොර බව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය කේ.කේ. සරත් කියා කියා සිටිනවා.
අදාළ සුනඛයාට සෙම ගතියක් තිබීම හේතුවෙන් රෝග ලක්ෂණ ඇති බවට සැකයක් පමණක් මතුව ඇති බවයි ඔහු කියා සිටියේ. මෙතෙක් කොරෝනා ආසාදිත සුනඛයෙකුගේ රෝග ලක්ෂණ මොනවාද යන්න පිළිබඳවද වාර්තා වී නැති බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම සෙම තිබීම ජලභීතිකා තත්වයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
එසේම සත්ත්වයින්ගේ ආසාදිත බව සොයා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ උපකරණද මෙරට නොමැති බව ඔහු කියා සිටියා. එමෙන්ම සුනඛයෙකුගෙන් මිනිසෙකුට ආසාදනය වූ අවස්ථාවක් මෙතෙක් වාර්තා වී නැති බවද ඔහු පෙන්වා දුන්නා.
මෙම පුවත හෙළකුරු දුරකතන යෙදවුම ඔස්සේ ලැබෙන එසැන පුවත් සේවයේ citizen.lk නැමැති වෙබ් අඩවියේ පළ වී තිබූ අතර ඔවුන් එම වාර්තාවෙන් සඳහන් කර තිබුණේ එම සුනඛයාට ආසාදිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බවයි. එමෙන්ම අදාළ සුනඛයා පීසීආර් පරීක්ෂණයකට යොමු කර තිබූ බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් කියා සිටි බවද සඳහන් කර තිබුණා. එමෙන්ම එම පුවත කේ.කේ. සරත් ද තහවුරු කළ බව අදාළ පුවතේ දැක්වුනා.
නමුත් මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව සඳහන් වූ කොටස ඉවත් කර “මෙරට සුනඛයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙයි” යන සිරස්තලයක් යටතේ සංස්කරණය කරන ලද පුවතක් පළ කර තිබෙනවා.
වත්මන් වසංගත තත්වය යටතේ තහවුරු නොකළ පුවතක් නිසි පරිදි තහවුරු කර ගැනීමකින් තොරව වාර්තා කිරීම සම්බන්ධයෙන් රිවිර.lk කණගාටු වන අතර පාඨක සැමගෙන් සමාව අයැද සිටිනවා.

ජාඇල සුනඛයෙකුට කොරෝනා ආසාදිතයි (අප්‍රේල් 25 පෙරවරු 11.50ට)
කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට සත්වයෙකුට ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. ඒ අනුව ජාඇල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ද තහවුරු කර ඇතැයි citizenlk වෙබ් අඩවිය සඳහන් කර සිටිනවා.
කොරෝනා අවදානම් කලාපයක් වන ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සැරිසැරූ සුනඛයෙකුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට වූ සැකයක් මත එම සුනඛයා PCR පරීක්ෂණයකට යොමු කර තිබෙන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් කියා සිටි බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
පළමු වරට මෙවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ මාර්තු 5 දිනයි. එම වාර්තාවට අනුව හොංකොං රාජ්‍යයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වී තිබූ අතර එම සුනඛයා ඇති දැඩි කළ කාන්තාවට ද වෛරසය ආසාදනය වී තිබුණා. නමුත් පශුවෛද්‍යවරුන් සඳහන් කරන්නේ සතුන්ගෙන් මිනිස්සුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි

