කොවිඩ්-19

නව ආසාදිතයින් 15ක් සමගින් සක්‍රීය ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 25 පස්වරු 6 වන විට 435 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 25 දිනය තුළ තවත් ආසාදිතයින් 15 දෙනෙකු තහවුරු වීමත් සමගයි. දිනය තුළ 9 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

අප්‍රේල් 25 වන වාර්තා වූ ආසාදිතයින් 15 දෙනාගෙන් 7 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර සිව් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇති අතර වැලිසර කඳවුරේ සේවය කර නිවාඩු ලබා ගිය නාවික සෙබලෙකු මොනරාගල රෝහලෙන්ද වාර්තා වී තිබෙනවා. දිනය තුළ වාර්තා වූ රෝගින් අතරට කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 12 හැවිරිදි පිරිමි දරුවෙකුද ඇතුළත්. ඒ අනුව මෙතෙක් ආසාදිත වී ඇති නාවික හමුදා සාමාජිකයින් ගණන 70ක් වේ.

ඒ අනුව අප්‍රේල් 25 පස්වරු 6 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 118කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 247ක් බවද සඳහන් වේ.

අප්‍රේල් 25 පෙරවරු 10 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 297 දෙනාගෙන් 103 දෙනෙකු IDH රෝහලේ ද 43 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 77 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, ඉරණවිල රෝහලේ 19 දෙනෙකුද, 55 දෙනෙකු කාත්තන්කුඩි මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top