කොවිඩ්-19

අප්‍රේල් 25 වන විට 4485ක් නිරෝධායනය කර අවසන් – යුධ හමුදාපති

Photo - AFP

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විදේශයන්ගේ සිට පැමිණි පිරිස් හා දේශීයව හඳුනාගන්නා පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර නිරෝධායනයට ලක් කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරනු ලබනවා.

ඒ අනුව අප්‍රේල් 25 වන සෙනසුරාදා වන විට 4,485 දෙනෙකු ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනයට ලක් වී එම කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව නිවෙස් බලාගොස් තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top