කොවිඩ්-19

නීතිපති දෙපාර්තමේන්තුව අප්‍රේල් 27 සිට යළි විවෘතයි

අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 26 පස්වරු 5.50ට)

කොවිඩ්-19 සඳහා අදාළ වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්වලට යටත්ව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවාය.

ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසකින් වෛරසය ආසාදනය වූවන් ඇති බවට පසුගියදා හඳුනා ගැනුනා. ඒ අනුව වහාම නීතිපති දෙපාර්තමේන්තුව වසා දමා විජබීජහරණය කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණා.

ඉන්පසු නීතිපති දෙපාර්තමේන්තුව සිය කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හා මග පෙන්වීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ සේවය කළ අනෙකුත් ආරක්ෂක නිලධාරීන්ද පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කළ අතර අදාළ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා වෛරසය ආසාදිත නැති බව තහවුරු වී ඇති බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව නැවත එම දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව අප්‍රේල් 27 සඳුදා සිට යළිත් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top