2019 වසරේ දෙසැම්බර් මස 02 වන දා සිට 12 වන දා දක්වා පවත්වන ලද අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 27 හා 28 යන දිනයන් තුළ දී නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ ය.
2019 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 717,008ක් විභාග මධ්‍යස්ථාන 4987කදී විභාගයට පෙනී සිට ඇත. දැනට එම විභාගයේ ප්‍රතිඵල ඇගයීමේ අවසන් අදියරේ පවතින බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

