දේශීය පුවත්

පාදුක්කේ ලී ගබඩාවක ගින්නක්

පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේ ලී ගබඩාවක අප්‍රේල් මස 26 වැනි දින අළුයම 5.30ට පමණ ගින්නක් ඇති වී තිබේ. හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න පැතිර යාම පාලනය කර ඇති අතර ගින්න හේතුවෙන් සම්පූර්ණ ලී ගබඩාවම විනාශයට පත් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිසා සිදු වූ පාඩුව ද මෙතෙක් තක්සේරු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top