විදේශ

බ්‍රිතාන්‍යයේ රෝහල්වල සිදු වූ කොරෝනා මරණ 20,000 ඉක්මවා යයි

Photo -BBC

මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය හේතුවෙන් රොහල්ගත කළ පුද්ගලයින්ගෙන් 20,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි. එම පුවත් සේවය වාර්තා කරන අන්දමට අප්‍රේල් මස 25 වන දිනය තුළ දී බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය වැළඳුන පුද්ගලයින් 813 දෙනෙකුගේ මරණ වාර්තා වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.

බ්‍රිතාන්‍යයේ රජය වාර්තා කරන අන්දමට දැනට කොරෝනා වෛරසය තහවුරු වීමෙන් අනතුරුව පුද්ගලයින් 20,319 ක් රෝහල් තුළ දී මරණයට පත් වී ඇත. බ්‍රිතාන්‍යය රජය විසින් රැකවරණ මධ්‍යස්ථාන හා නිවෙස්වල දී සිදුවන මරණ මෙම වාර්තාවන්ට ඇතුළත් කර නොතිබෙන අතර මරණ සහතිකවලට පදනම්ව එම අගයන් ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් සෑම අඟහරුවාදා දිනකදීම සතිපතා වෙනම අගයක් ලෙස වාර්තා කරයි.

එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටේල් පවසා තිබුනේ “මෙම භයානක වෛරසය නිසා ඇති වූ මරණ තවත් ඛේදජනක හා භයානක සන්ධිස්ථානයක් පසු කරන විට මුළු ජාතියම ශෝකයට පත්වෙනවා” යනුවෙනි. එසේම, තවදුරටත් සමාජ දුරස්ථභාවයන් පවත්වා ගැනීමෙන් වෛරසය පැතිරීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියා ය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top