කොවිඩ්-19

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම හා කුවේටයේ රැඳී සිටින පිරිසගේ තත්වය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එම පිරිස් වෙතින් බොහෝ ඉල්ලීම් රජය වෙත ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාතයංශය සඳහන් කරයි. අප්‍රේල් 25 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳන් කරන්නේ සීමිත නිරෝධායන පහසුකම් යටතේ මෙම කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.

එමෙන්ම කුවේටයේ රැඳි සිටින ලාංකික ශ්‍රමිකයින් මුහුණු දී සිටින ගැටළු අමාත්‍යංශයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සළකමින් ඒවා විසඳීමට කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. එම සම්පූර්ණ නිවේදනයේ සිංහල පරිවර්තනයක් පහතින්.

සීමිත නිරෝධායන පහසුකම්, විදෙස්ගත ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට බාධයක් වීම හා කුවේටයේ රැඳී සිටින අයගේ පොදු සමාව සඳහා වන කාල සීමාව දීර්ග කිරීම සඳහා ශ්‍රී ලංකාව කුවේටය සමඟ කටයුතු කරමින් සිටීම

ශ්‍රී ලංකාව නිරතුරුවම නිරෝධායන පහසුකම් ලබා ගැනීම හමුවේ, විදේශගත ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන ඇති බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ පවසයි. සීමිත නිරෝධායන පහසුකම් යටතේ ශ්‍රී ලංකාව COVID 19 පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටී
.
අපේ‍්‍රල් -24 සිකුරාදා අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ “ශ්‍රී ලංකාව අමතන්න” වෙබ් ද්වාරය සහ වෙනත් මාධ්‍යයන් හරහා මේ දක්වා විදෙස්ගත ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් නැවත පැමිණීමට කැමැත්ත පළ කර තිබෙන බවයි. මෙම සංඛ්‍යාවට සංක්‍රමණික සේවකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක්, සිසුන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් සහ සංචාරකයින් 3,000 ක් පමණ ඇතුළත් වේ.

ලේකම් ආර්යසිංහ මහතා කියා සිටියේ වර්තමාන නැවත මෙරටට ගෙන්වා ගැනීමේ දී රජයේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ සිසුන් සහ දකුණු ආසියාවේ පුහුණුව ලැබීම සඳහා ගොස් ඇති රජයේ සේවකයින් කෙරෙහි බවයි. එය වෛද්‍ය දෘෂ්ටිකෝණයකින් ඔවුන් මුහුණ දී ඇති සුවිශේෂී අවදානම සැලකිල්ලට ගනිමින් ගෙන ඇති තීරණයක් බවද සඳහන්. මෙලෙස නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට විදේශ අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් එම රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල, කොවිඩ් 19 කාර්ය සාධක බලකාය සහ ජාතික ආයතන රාශියක් සමඟ එකඟත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු කියා සිටී. මෙවැනිම තත්වයන් හා සමාන වෙනත් ස්ථානවල තත්වයන් පිළිබඳවට විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානයට ලක් කිරීමටත් හා එවැනි පිරිස් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තීරණ ගැනීමේ දී සහ පහසුකම් සැපයීමේ දී ඒ සඳහා සුදුසු නිර්දේශ ලබා දෙනු ඇති බවද කියා සිටී.

මේ අතර, ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල 67 කින් යුත් ජාලය අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික විදේශිකයන්ට සහාය වෙමින් පහසුකම් සපයයි. දේශීය ශ්‍රී ලංකා ප්‍රජාවගේ සහ ආගමික සංවිධානවල සහාය ඇතිව අවශ්‍ය අවස්ථාවන්හිදී වියළි සලාක සහ ඖෂධ ලබා දීමට අමතරව, වීසා බලපත්‍ර දීර්ග කිරීම, බැංකු හරහා නැවත මෙරටට මුදල් ගෙන ඒම / අරමුදල් මාරු කිරීම, අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණය සහ සමස්තයක් වශයෙන් විදෙස්ගත ලාංකිකයින්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා දූත මණ්ඩල පහසුකම් සපයයි.

කුවේටයේ ඇති වී තිබෙන විශේෂ තත්වය යටතේ නීත්‍යානුකූල සීමාවෙන් බැහැරව සිටින කම්කරුවන් 19,000 කට වැඩි පිරිසකට පොදු සමාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම නිශ්චිත තත්ත්වය පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන අවධානයක් යොමු කර ඇති බව ඔහු පැවසීය. පොදු සමාව ලබා දෙන කාලය සහ එහි විධිවිධාන දීර්ග කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ කුවේට් රජයන් සාකච්ඡා කරමින් සිටී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කුවේටි අග්‍රාමාත්‍ය අල්-සබා අතර පැවති දුරකථන සංවාදයකට අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කොළඹ කුවේට් තානාපති එම්.එම්. බු ධෙයාර් යන මහත්වරුන් විසින් මේ සතියේ පවත්වන ලද සාකච්ඡාවක කේන්ද්‍රය වූයේ මෙය ක්‍රියාත්මක කිරීමයි. මෙම සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාවට පුද්ගලයින් නැවත ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳව දැනුවත්ව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක තීරණයක් අපේක්ෂා කරන බව විදේශ ලේකම්වරයා පැවසීය.

බොහෝ තත්වයන් වලදී විදෙස්ගත සංක්‍රමණික කම්කරුවන් මුහුණ දෙන අවදානම අවම කිරීමට දූත මණ්ඩලවලට හැකි වූ බව ලේකම් ආර්යසිංහ සඳහන් කළේය. අන්තර්ජාතික සංවිධාන වන අයිඕඑම්, කැරිටාස් සහ රෙඩ් ක්‍රෙසන්ට් සංවිධාන විසින් සපයනු ලබන ආධාර දූත මණ්ඩලවල ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය වී තිබේ. සමහරුන්ගේ රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති අතර ඔවුන්ගේ රැකියා සුරක්‍ෂිත බව කුවේට් හි සෝල් නුවර දී සහතික වී ඇති බව ඔහු පැවසීය. කුවේට් හි ගිවිසුම් සම්පුර්ණ කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ග කිරීම සඳහා මෙම ධූත මණ්ඩල එරට බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටී. වර්තමාන වසංගතය නිසා ඇති වන අවතැන්වීම හේතුවෙන් ඇතිවිය හැකි රැකියා හිඩැස් පිරවීම සඳහා ද දූත මණ්ඩලය අවස්ථා සොයමින් සිටී.

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය
කොළඹ
2020 අප්‍රේල් 25

Media Release MOF 2020 04 25 by Rivira Media on Scribd

Rivira FB Group Rivira Youtube
To Top