විදේශ

ස්පාඤ්ඤයේ ළමයින්ට නිවසින් බැහැර වීමට අවසර

PHOTO -internewscast

පසුගිය මාර්තු මස මැද දී ස්පාඤ්ඤය කොරෝනා වෛරසයට එරෙහිව දොරගුළු තර කරද්දී මෙපමණ කාලයක් නිවෙස්වලට සිර වී සිටින්නට වෙතැයි ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකරන්නට ඇත. විශේෂයෙන්ම අධ්‍යාපනයෙන් බැහැරව විවේකීව ගත කරන්නට ලැබෙන කාලය පිිළිබඳව ළමුන් සතුටට පත්වන්නට ඇත.

දින 42ක පමණ කාලයක් තිස්සේ නිවාස වලින් බැහැර වීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට ගැනිමෙන් ස්පාඤ්ඤයේ රජය විසින් වයස අවුරුදු 14ට අඩු ළමයින්ට පමණක් දිනකදී පැයක පමණ කාලයක් නිවාස තුළින් බැහැර වීමට අප්‍රේල් 26 වන දින අවස්ථාව සලසා දී ඇත. නමුත් ඔවුන්ට තමන්ගේ නිවාස වලට කිලෝමීටරයක් පමණ දුරකින් එහාට ගමන් කිරීමට නොහැකි ය.

මෙම නීතිය අනුව උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ දී ස්පාඤ්ඤයේ මිලියන 6.3ක් පමණ වන වයස අවුරුදු 14ට අඩු දරුවන්ට පැයක කාලයක් නිවාස වලින් බැහැර වී එළිමහනේ කටයුතු කළ හැකිය. එම නීතිය අනුව දරුවන්ට පාපැදි, ස්කේට් බෝර්ඩ් භාවිතා කළ හැකිය. නමුත් දැනට උද්‍යාන වැනි පොදු ස්ථාන වලට ඇතුල්වීමට අවසර නැති වුව ද ලබන මැයි මස අග භාගයේ දී එම අවසරය ලබා දීමට ද ස්පාඤ්ඤය අවධානය යොමු කර ඇත.

මනෝ වෛද්‍යවරුන් පවසන ආකාරයට රජය විසින් කුඩා දරුවන් වෙනුවෙන් මේ ආකාරයට නීතිරීති ලිහිල් කිරීමට දරුවන්ට යහපත් ආකාරයෙන් බලපාන බවයි. එමෙන්ම, පවතින තත්ත්වය යටතේ මේ අයුරින් පැයක කාලයක් හෝ එළිමහනේ ගැවසීම දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනයට වැදගත් වන බවයි.

මෙම නීතිය ලබන මැයි 02 වනදා වැඩිහිටියන් කෙරේ ද බලපැවැත්වීමට දැනට ස්පාඤ්ඤ රජය අවධානය යොමු කරමින් පවතියි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top