අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 26 පස්වරු 9.30ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 26 පස්වරු 9 වන විට 485 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 8 දෙනෙකු තහවුරු වීමත් සමගයි. අප්‍රේල් 26 දිනය තුළ මේ වන විට නව ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 2 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 26 පස්වරු 9.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 120කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 358ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 273ක් බවද සඳහන් වේ.
මේ අතර අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්, අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්, අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්, අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්, අප්‍රේල් 26 දින මෙතෙක් ආසාදිතයින් 25 දෙනෙකුත් ලෙස පිට පිට දින 5කදී දිනකට වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 20 ඉක්මවා තිබෙනවා.
ආසාදිතයින් ගණන 477 දක්වා ඉහළට, සක්‍රීය ආසාදිතයින් 350ක් (අප්‍රේල් 26 පස්වරු 6.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 26 පස්වරු 6.30 වන විට 477 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 6 දෙනෙකු තහවුරු වීමත් සමගයි. අප්‍රේල් 26 දිනය තුළ 2 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 26 පස්වරු 6.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 120කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 350ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 273ක් බවද සඳහන් වේ.
ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 350ක සීමාවට පැමිණියේ පළමුවරටයි.
අද වාර්තා වූ 11න් 10ක්ම නාවික හමුදා සාමාජිකයින් (අප්‍රේල් 26 පස්වරු 5.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 26 පස්වරු 4.30 වන විට 471 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 26 දිනය තුළ තවත් ආසාදිතයින් 11 දෙනෙකු මේ දක්වා තහවුරු වීමත් සමගයි. අප්‍රේල් 26 දිනය තුළ 2 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
අප්‍රේල් 26 වන දින වාර්තා වූ ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටිනවා. මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 95 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 68 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද 27 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති අයවළුන්ද වන බව යුධ හමුදාපතිවරයා කියා සිටියා.
ඒ අනුව අප්‍රේල් 26 පස්වරු 4.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 120කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 344ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 273ක් බවද සඳහන් වේ.
මේ අතර අප්‍රේල් 26 දින පෙරවරු 10.30 වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 154ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 59ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 37ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 34ක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකුද, මහනුවරින් 7ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 7ක්ද කෑගල්ලෙන් 5ක්ද, අනුරාධපුරෙන් 4ක්ද, මොණරාගල, බදුල්ල, මාතර, කල්මුණේ යන දිස්ත්‍රික්වලින් රෝගීන් දෙදෙනෙකු බැගින්ද, ගාල්ල, මඩකලපුව, වව්නියාව, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් එක් රෝගයෙකු බැගින්ද වැලිසර නාවික කඳවුරෙන් 68ක්ද, නිරෝධායන මධ්‍යස්ථානවලින් 41ක්ද ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් තිදෙනාම සුවය ලබා තිබෙනවා.
මේ අතර අප්‍රේල් 26 පෙරවරු 10.30 වන සිටි සක්‍රීය ආසාදිතයින් 333 දෙනාගෙන් 121 දෙනෙකු IDH රෝහලේ ද 58 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 80 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, ඉරණවිල රෝහලේ 19 දෙනෙකුද කාත්තන්කුඩි මූලික රෝහලේ 55 දෙනෙකුද ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

