ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර වහාම තමන් සේවය කරන කඳවුර වෙත වාර්තා කළ යුතු බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අප්‍රේල් 26 දින නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින්.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසු නිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර, දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතුයි.
එලෙස නිවාඩු මත සිටින නිලධාරි/සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අප්‍රේල් 26 දින ගනු ලැබූ බවයි.

