News

Breaking: අප්‍රේල් 27 සඳුදා දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

නිවාඩුගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සේවයට වාර්තා කිරීමට පහසුකම් සැළසීම සඳහා අප්‍රේල් 27 සඳුදා දිනය මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන බව අප්‍රේල් 26 දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටිනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 28 අළුයම 5ට ඇඳිරි නීතිය ඉවත් කර යළි රාත්‍රී 8ට ඇඳිරි නීතිය පනවන බවත් ඉන් නිවේදනය කර තිබෙනවා.

To Top