කොවිඩ්-19

ආසාදිතයින් 500 පනී, පිට පිට දින 3කදී දෛනික නව ආසාදිතයින් ගණන 40 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 26 පස්වරු 10.15 වන විට 500 සීමාව ද ඉක්මවමින් 505 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 26 දිනය තුළ පමණක් මේ වන විට නව ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 2 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 26 පස්වරු 10.15 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 120කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 378ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 273ක් බවද සඳහන් වේ.

මේ අතර පිට පිට දින 5කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 20 සීමාවත්, පිට පිට දින 4කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 30 සීමාවත්, පිට පිට දින 4කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 40 සීමාවත් ඉක්මවා තිබෙනවා.

  • අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
  • අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
  • අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
  • අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
  • අප්‍රේල් 26 දින මෙතෙක් ආසාදිතයින් 45 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
Rivira FB Group Rivira Youtube
To Top