අප්‍රේල් 26 දින හඳුනාගත් ආසාදිතයින් 63න් 53ක් නාවික හමුදා සාමාජිකයින්, සක්‍රීය ආසාදිතයින් ගණන 396 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 27 පෙරවරු 10 වන විට 523 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 26 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 2 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
අප්‍රේල් 26 දින හමුවූ ආසාදිතයින් 63 දෙනා අතුරින් 53 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉන් 16 දෙනෙකු වැලිසර කඳවුරෙන් ද ඉතිරි අය දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ද වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. අප්‍රේල් 26 සවස 6 වන විට පමණක් නාවික හමුදා සාමාජිකයින් 95 දෙනෙකු ආසාදිත බව හඳුනාගෙන තිබූණි.
ඒ අනුව අප්‍රේල් 27 පෙරවරු 10 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 120කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 396ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 273ක් බවද සඳහන් වේ.
මේ අතර පිට පිට දින 5කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 20 සීමාවත්, පිට පිට දින 4කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 30 සීමාවත්, පිට පිට දින 3කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 40 සීමාවත් ඉක්මවා තිබෙනවා.
අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
අප්‍රේල් 26 දින මෙතෙක් ආසාදිතයින් 63 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.