කොවිඩ්-19

කොරෝනා, දකුණු ආසියාවේ හැසිරීම

දකුණු ආසියාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 27 පෙරවරු 10 වන විට 49,035 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 10,038කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 1367 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන ආසන්න වශයෙන් 37,630ක් පමණ වේ.

දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 27 පෙරවරු 10.30 වන විට 27,964ක් වන අතර සමස්ථ ආසාදිතයින් අතුරින් 884ක් මරණයට පත්ව තිබෙනවා. ඉන් 6,523 දෙනෙකු සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 20,557 බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 20කි.

දකුනු ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර එම ප්‍රමාණය 13,328ක් ලෙස සටහන් වී තිබෙනවා. ඉන් 281 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සමස්ත ආසාදිතයින් අතුරින් 3,029ක් සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 10,018ක් බවද වාර්තා වේ. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 60කි. ඒ අනුව පාකිස්ථානය, දකුණු ආසියාව තුළ ජනගහණයට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින රටයි.

දකුණු ආසියාවේ තෙවැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බංගලාදේශයෙන්. බංගලාදේශයේ හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 27 පෙරවරු 10.30 වන විට 5,416ක් වන අතර සමස්ථ ආසාදිතයින් අතුරින් 145ක් මරණයට පත්ව තිබෙනවා. ඉන් 122 දෙනෙකු සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 5,149 බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 33කි.

දකුනු ආසියාවෙන් සිව්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇෆ්ගනිස්ථානයෙන් වන අතර එම ප්‍රමාණය 1,531ක් ලෙස සටහන් වී තිබෙනවා. ඉන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සමස්ත ආසාදිතයින් අතුරින් 207ක් සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 1,274ක් බවද වාර්තා වේ. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 39කි.

දකුනු ආසියාවෙන් පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන්. ශ්‍රී ලංකාවේ අප්‍රේල් 27 පෙරවරු 10.30 වන විට සමස්ථ ආසාදිතයින් 523 දෙනෙකු වාර්තා වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් 120ක් සුවය ලබා තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 396 දක්වා ඉහළගොස් ඇති අතර අප්‍රේල් 20 දින සිට අප්‍රේල් 27 දක්වා දින 7ක් තුළ පිළිවෙලින් ආසාදිතයින් 33,6,20,38,52,40,63 ලෙස වාර්තා වී ඇති එම සම්පූර්ණ ප්‍රමාණය 252ක්. එනම් අවසන් දින 7 තුළ දී ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබූ කොරෝනා ආසාදිත ප්‍රමාණය ආසන්න වශයෙන් දෙගුණ වී තිබෙනවා. මීට ආසාදිතයින් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුමක් හේතුවෙන් වෛරසය නාවික හමුදා සාමාජිකයින් අතර පැතිරීම ප්‍රබල ලෙස බලපා ඇති අතර ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 100කට අධිකයි. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 23කි.

දකුනු ආසියාවෙන් හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ මාලදිවයිනෙන් වන අතර එම ප්‍රමාණය 214ක් ලෙස සටහන් වී තිබෙනවා. මාලදිවයිනෙන් මරණ වාර්තා වී නැති වීමද විශේෂත්වයක්. සමස්ත ආසාදිතයින් අතුරින් 17ක් සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 197ක් බවද වාර්තා වේ. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 396කි(මාලදිවයිනේ සමස්ථ ජනගහණය 540,544ක් බව සළකන්න).

දකුනු ආසියාවෙන් හත්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ නේපාලයෙන් වන අතර එම ප්‍රමාණය 52ක් ලෙස සටහන් වී තිබෙනවා. නේපාලයේ ද මරණ වාර්තා වී නැත. සමස්ත ආසාදිතයින් අතුරින් 16ක් සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 36ක් බවද වාර්තා වේ. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 2කි.

දකුනු ආසියාවේ අටවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ භූතානයෙන් වන අතර එම ප්‍රමාණය 7ක් ලෙස සටහන් වී තිබෙනවා. නේපාලයේ ද මරණ වාර්තා වී නැත. සමස්ත ආසාදිතයින් අතුරින් 4ක් සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 3ක් බවද වාර්තා වේ. ජනගහණයට සාපේක්ෂව, ජනගහණය මිලියනකයට සිටින ආසාදිතයින් ගණන 9කි.

ඒ අනුව ජනගහණයට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් පිරිසක් බවට පත්ව ඇති දකුණු ආසියාතික රට වන්නේ මාලදිවයිනයි. ඉන් පසු පිළිවෙලින් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ නේපාලය සිටී.

වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 884ක් වන අතර පාකිස්ථානයෙන් 281, බංගලාදේශයෙන් 145ක්, ඇෆ්ගනිථානයෙන් 50ක් හා ශ්‍රී ලංකාවෙන් 7ක් ලෙස වාර්තා වී තිබෙනවා. මාලදිවයින, නේපාලය සහ භූතානය යන රටවලින් මරණ වාර්තා වී නැත.

ඒ ඒ රටවල ආසාදිතයින්ට සාපේක්ෂව මරණ අනුපාතය මෙසේය. (අප්‍රේල් 27 පෙරවරු 10.30 වන විට)

  1. ඇෆ්ගනිස්ථානය – 3.2
  2. ඉන්දියාව – 3.1%
  3. බංගලාදේශය – 2.6%
  4. පාකිස්ථානය – 2.1%
  5. ශ්‍රී ලංකාව – 1.3%

ඒ ඒ රටවල ආසාදිතයින්ට සාපේක්ෂව සුවය ලබා ඇති අනුපාතය මෙසේය.(අප්‍රේල් 27 පෙරවරු 10.30 වන විට)

  1. භූතානය – 57.1%
  2. නේපාලය – 30.7%
  3. ඉන්දියාව – 23.3%
  4. ශ්‍රී ලංකාව – 22.9%
  5. පාකිස්ථානය – 22.7%
  6. බංගලාදේශය – 22.5%
  7. ඇෆ්ගනිස්ථානය – 13.5
  8. මාලදිවයින – 7.9%
Rivira FB Group Rivira Youtube
To Top