මෘත ශරීර බහාලන ආවරණ 1000ක් ලබා දෙන මෙන් රතු කුරුස සංවිධානයෙන් තමන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ලිපියක් යොමු කිරීම සත්‍ය බවත් නමුත්, එවැනි ඉල්ලීමක් සිදු කළේ පවතින කොරෝනා වෛරසය පැතිරීමේ තත්ත්වයක් හේතුවෙන් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස් ප්‍රකාශ කර සිටිනවා.
ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරටේදී වුවද හඳුනා නොගත් රෝගයකින් මිය යන පුද්ගලයින් සහ සැක කටයුතු මරණ බහාලීම සඳහා මෘත ශරීර බහාලන බෑග් අවශ්‍ය බවත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව මෘත ශරීර බහාලන බෑග් 300ක් පමණ තිබුනත් වසංගත තත්ත්වයක් හමුවේ සැක කටයුතු පුද්ගල මරණ බහාලීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මෘත ශරීර බහාලන බෑග් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් අතිරේක ලේකම්වරයා සඳහන් කරයි.
“සෑම විටම අප සිතිය යුත්තේ ජනතාවගේ ආරක්ෂාව ගැනයි. වෛද්‍ය සැපයුම් අංශය මට දන්වා සිටියා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා මෘත ශරීරලන බහාලන බෑග් ලබා ගැනීමට හැකි බවට. ඒ සම්බන්ධයෙන් සිදුකළ යුතු නිල ක්‍රමවේදයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාල ආයතනයෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.
නමුත් මෙම ලිපිය පිටතට නිකුත් වුනේ කොහොමද කියා සොයා බැලීම වැදගත් වනවා. මම අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමිය හමුවී මේ සම්බන්ධයෙන් පොලිසියට නිසි විමර්ශනයක් කරන්න කියා ඉල්ලා සිටිනවා” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම, මෙම ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ද තහවුරු කර පවසන්නේ එවැනි ලිපියක් යොමු කර ඇති බව සත්‍ය නමුත් එය විශේෂිත තත්ත්ව හා ආපදා අවස්ථාවලදී මෘත ශරීර සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිත කිරීමට මිසක කිසිසේත් කොරෝනා වසංගත තත්ත්වයට අදාළව සිදු කරන ලද ඉල්ලීමක් නොවන බවයි.
එමෙන්ම කොරෝනා ආසාදනය නිසා සිදුවන මරණවලදී පමණක් නොව පාස්කු ප්‍රහාරය වැනි විශේෂිත තත්ත්ව හා ආපදා අවස්ථාවලදී මෘත ශරීර අවසන් කටයුතු සිදු කිරීම දක්වාම මෙම විශේෂිත ආවරණවල ( බෑග්) බහා තැබීම අලුත් කරුණක් නොවන බවත් ,මෙය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන විශේෂිත ක්‍රමවේදයක් බව හෙතෙම සඳහන් කළේය. මේ නිසා, මෙම ඉල්ලීමට අදාළව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දෙයි .

