කොවිඩ්-19

තවත් 6ක් සුවයි, කොරෝනා ආසාදිතයින් වාර්තා නොවන්නේ දිස්ත්‍රික් 5කින් පමණයි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 27 සඳුදා පස්වරු 1 වන විට 523ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

අප්‍රේල් 27 දිනය තුළ ආසාදිතයින් 6 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 126ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 390ක් බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 295ක් බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

අප්‍රේල් 27 පෙරවරු 10 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 390 දෙනාගෙන් 138 දෙනෙකු IDH රෝහලේ ද 58 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 67 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, ඉරණවිල රෝහලේ 21 දෙනෙකුද, 55 දෙනෙකු කාත්තන්කුඩි මූලික රෝහලේ ද, 6 දෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලේ ද, 45 දෙනෙකු නාවික හමුදා රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන් දිස්ත්‍රික්ක අනුව

  1. කොළඹ – 155
  2. කළුතර – 63
  3. ගම්පහ – 41
  4. පුත්තලම – 39
  5. යාපනය – 16
  6. කුරුණෑගල – 15
  7. මහනුවර – 11
  8. අනුරාධපුර – 10
  9. රත්නපුර – 7
  10. කෑගල්ල – 7
  11. මොණරාගල – 4
  12. හම්බන්තොට – 3
  13. මාතර – 2
  14. කල්මුණේ – 2
  15. බදුල්ල – 2
  16. වවුනියාව – 2
  17. ගාල්ල – 1
  18. මඩකලපුව – 1
  19. මාතලේ – 1
  20. පොලොන්නරුව – 1
  21. ත්‍රිකුණාමලය – 1
  22. නිරෝධායන මධ්‍යස්ථාන – 41
  23. නාවික කඳවුර (වැලිසර) – 72
  24. විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)
  25. දිස්ත්‍රික්කය තහවුරු කර නොගත් – 23

මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් හා අම්පාර යන දිස්ත්‍රික්ක 5න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.

Rivira FB Group Rivira Youtube
To Top