දේශීය පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2019 දෙසැම්බර් මස පැවැත් වූ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 27 වන දින පස්වරු 2.30 වන විට නිකුත් කර තිබේ.

ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

2019 දෙසැම්බර් මස 02 වන දින සිට 12 වන දින දක්වා පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 717,008ක් විභාග මධ්‍යස්ථාන 4987 කදී පෙනී සිට ඇත.

Rivira FB Group Rivira Youtube
To Top