ආගමික උත්සව හා ජනයා ඒකරාශීවන සියලු ආකාරයෙන් අවස්ථා තහනම් කර තිබියදීත් යාපනයේ පිරිසක් ආගමික උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වේ.
අප්‍රේල් 26 දින යාපනය අතාඩි ගණදෙවි කෝවිලේ සතූර්ති පූජාවක් පවත්වා ඇති අතර ඒ සඳහා පැමිණ ඇති 17 දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අප්‍රේල් 25,26 හා 27 තෙදින පුරාම දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අතර නිරෝධායන පනත ද ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එවැනි තත්වයක් තුළ පනවා ඇති නීති උල්ලංඝනය කරමින් ජනයා ඒකරාශී වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වන විට ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
අප්‍රේල් 27 වන විට ඇඳිරි නීති තත්වය හා නිරෝධායන රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් දිවයින පුරා අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය 39,875ක් බව පොලීසිය සඳහන් කරනවා.

