කොවිඩ්-19

තවත් ආසාදිතයින් 34ක්, සක්‍රීය ප්‍රමාණය 424ක් දක්වා ඉහළට, මුළු ආසාදිතයින් 557යි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 27 සඳුදා පස්වරු 2.55 වන විට 557ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ දිනය තුළ නව ආසාදිතයින් 34ක් හඳුනා ගැනීමත් සමගයි.

අප්‍රේල් 27 දිනය තුළ ආසාදිතයින් 6 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 126ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 424ක් බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 295ක් බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

ඒ අනුව පළමු වරට සක්‍රීය ආසාදිත සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top