ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 27 පස්වරු 5 වන විට 567 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 27 දිනය තුළ පමණක් මේ වන විට නව ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 6 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
අප්‍රේල් 27 දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 44 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වන ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 180ක් බවත් ඉන් 112 දෙනෙකු වැලිසර නාවික කඳවුර තුළත් 68 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි අය බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියා.
ඒ අනුව අප්‍රේල් 27 පස්වරු 5 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 126කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 434ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 295ක් බවද සඳහන් වේ.
මේ අතර පිට පිට දින 6කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 20 සීමාවත්, පිට පිට දින 5කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 30 සීමාවත්, පිට පිට දින 4කදී දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 40 සීමාවත් ඉක්මවා තිබෙනවා.
- අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
- අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
- අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
- අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
- අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
- අප්‍රේල් 27 දින මෙතෙක් ආසාදිතයින් 44 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව අප්‍රේල් 27 පස්වරු 5න් අවසන් දින දෙක තුළ නව ආසාදිතයින් 107 දෙනෙකු වාර්තා වී තිබෙන අතර පසුගිය දින 7 තුළදී ශ්‍රී ලංකාවේ සිටින ආසාදිතයින් ගණන දෙගුණ වී තිබෙනවා.
අප්‍රේල් 19 ඉරිදා පෙරවරු 09.00 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් 254 දෙනෙකු සිටින බව හඳුනාගෙන තිබිණි.
