,
Covid-19

සෙබළුන් කඳවුරු වෙත කැඳවීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් නිවේදනයක්

කඳවුරු වෙත සෙබලුන් කැඳවීමට අදාළව අවධානයට ලක් විය යුතු අංශ කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අප්‍රේල් 27 දින නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් පවසන්නේ නිසි තාක්ෂණීක ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ කාර්ය සිදු නොකළහොත් ගැටළු රැසක් මතුවිය හැකි බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.

අප මේ සටන් කරමින් සිටින්නේ සැගවී පහර දෙන මොහොතකට හෝ දෘෂ්‍යමාන වන සතුරෙකු සමග නොව,අදෘෂ්‍යමාන සතුරෙකු සමග බව සැම විටම සිහියට නගා ගත යුතුය.ඒ අනුව සිතා බලා මෙවැනි තත්ත්වයන් පාලනය කර දැණුම අත්දැකීම් කුසලතා ඇති නිළධාරීන්ගේ යෝජනාද සැලකිල්ලට ගන්නා මෙන්ද,ජාති ආගම් දේශපාලනමය කණ්නාඩිවලින් නොබලා පොදු සතුරා පරාජය කිරීමට වගකීම් සහගතව කටයුතු කිරීම මේ මොහොතේදී සියල්ලන්ම සිදු කල යුතු බවද කාරුණිකව සිහිපත් කිරීමට අදහස් කරමු. එහිදී අප විසින් හඳුනාගත් පහත සඳහන් විශේෂ අවස්ථා පිලිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.

  • දැනට කදවුරු වෙත කැදවා ඇති සෙබලුන් සදහා පුද්ගලික දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් ගමන් ගැනීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සපයා තිබේද?
  • නැතහොත් යලිත් එම කදවුරු තුලටම කුමන හෝ රථයක එල්ලී පැමිණිය හොත් හා ඒ අතර ආසාදිතයින් සිටිය හොත් අදාල රථයේ අය සහ කදවුර අවදානමක නොහෙලෙන්නේද?
  • දැනට නිවෙස් තුල නීරෝධායනය කර ඇති පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව පවුලේ සාමාජිකයන් සමග වාසය කර ඇති බැවින් එම ස්ථානයේම රදවා සිදු කරන ලද සාමූහික නීරෝධායන ක්‍රියාවලිය ඔවුන් ගිය පසු නතර වන්නේද.ඔවුන්ට සාමාන්‍ය සමාජයට එක් විය හැකිද
  • නීරෝධායන නියෝගයක් පනවා තිබියදී නීරෝධායනය කල අය වහාම සේවයට වාර්තා කරවීම තුලින් නීරෝධායන නීති කඩ කිරීමක් නොවන්නේද
  • දැනටමත් සාම්පල පරීක්ෂාවකින් ආසාදනය නොවූ බව තහවුරු වූ නිළධාරීන් නැවත සැක සහිත අය සමග එකතු වීමෙන් ඔවුන් නැවත අවදානමක නොහෙලෙන්නේද
  • යම් හෙයකින් නිවෙස් වල සිට කැදවන ලද අයෙකු ආසාදිත වුවහොත් ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් සියල්ල එලෙසින් කැදවා ගන්නේද
  • එබදු ආශ්‍රිතයින් සොයා බැලීමට සිදු වන්නේ කාහටද
  • දැනට පවතින පහසුකම් අනුව කොපමණ දින ගණනකදී රැගෙන යන පිරිස් පරීක්ෂාවට ලක් කල හැකි වන්නේද
  • දැනටමත් පළමු ආශ්‍රිතයින් විශාල ලෙස හමුවූ ගම්මාන ආසන්න දිනයක සිට සාමාන්‍ය සමාජයට විවර වීම ගැටලුවක් නොවන්නේද

මෙම ක්‍රියාවලියේදී සිදුවිය හැකි සුළු හෝ අතපසුවීමකින් ගැටලු රැසක් මතුවිය හැකි බවද ඒ නිසා නිසි තාක්ෂණීක ක්‍රමවේද අනුගමනය අත්‍යවශ්‍ය බවද අවධාරණය කරමු.

Rivira Ads
To Top