සක්‍රීය ආසාදිතයින් ගණන සීඝ්රයෙන් ඉහළට, දැනට 449ක්, සමස්ථ 582ක්
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 27 පස්වරු 8 වන විට 582 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 27 දිනය තුළ පමණක් මේ වන විට නව ආසාදිතයින් 59 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 6 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
අප්‍රේල් 27 දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 59 දෙනාගෙන් 44 දෙනෙකු පිළිබඳ මීට පෙර නිවේදනය කළ අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 180ක් බවත් ඉන් 112 දෙනෙකු වැලිසර නාවික කඳවුර තුළත් 68 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි අය බවත් යුධ හමුදාපතිවරයා සවස 6ට කියා සිටියා.
ඒ අනුව අප්‍රේල් 27 පස්වරු 8 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 126කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 449ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 295ක් බවද සඳහන් වේ.
අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
අප්‍රේල් 27 දින මෙතෙක් ආසාදිතයින් 59 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.