විදේශ

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියනය ඉක්මවා යයි

Photo -John Moore/Getty Images

ලෝකයේ වැඩිම කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට මිලියනය ඉක්මවා ගොස් ඇත. නමුත්, දැනට වසා දමා තිබෙන ටෙක්සාස් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක්ම යළි විවෘත කිරීම සඳහා සූදානම් වන අතර ලුසියානා ප්‍රාන්තය තවදුරටත් වසා දැමීම යෝග්‍ය බව තීරණය කර තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ තිබෙන ව්‍යාපාරික ස්ථාන වන සිල්ලර වෙළඳසැල්, අවන්හල් සහ සිනමාහල් මැයි මස පළමුවන සිකුරාදා දිනයේ සිට සීමිත පිරිසකට පමණක් ගණුදෙනු කිරීමට හැකි වන පරිදි නැවත විවෘත කිරිමට තීරණය කර ඇති බව එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් විසින් පසුගිය අප්‍රේල් මස 27 වන දා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද, එම ප්‍රාන්තයේ පිහිටි පුස්තකාල සහ කෞතුකාගාර ද විවෘත කිරීමට අවධානය යොමු වී ඇත.

අනෙක් ප්‍රාන්තවල ද මේ ආකාරයෙන් නීතිරීති ලිහිල් කිරිමට අවධානය යොමු වුව ද ලුසියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් බෙල් එඩ්වඩ් ප්‍රකාශ කරන්නේ එම ප්‍රාන්තය විවෘත කිරීමට ලබන මැයි මාසයේ 15 වන දා තෙක් සිදු නොකරන බවයි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව, ඇ.එ.ජ දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ ගණන 1,010,507ක් වේ. එයින්, 56,803ක් වෛරසය හේතුවෙන් මිය ගොස් අතර 139,162 ක් සුවය ලබා ඇත. ඇ.එ.ජ වැඩිම කොරෝනා වෛරසය ආසාදිතවූවන් පිරිසක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන් වන අතර ඒ 298,004ක් වූ ප්‍රමාණයක් වේ. එමෙන්ම, නිව්ජර්සි වලින් 111,188 ක් ද, මැසුචෙසෙට් වලින් 56,462 ක් ද, ඉලිනොයිස් වලින් 45,883 ක් ද, කැලිෆෝනියා වලින් 45,157 ක් ද, පෙන්ස්ල්වේනියා වලින් 43,155 ක් ද කොරෝනා ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇත. අනෙක් ප්‍රාන්තයන් වලින් 40,000 ට අඩු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top