තවත් 8ක් සුවය ලබයි, සුවය ලැබූ ගණන 134 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පස්වරු 9 වන විට 588ක් ලෙස සටහන්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 28 දිනය තුළ නව ආසාදිතයින් වාර්තා වී නැති අතර 8 දෙනෙකු සුවය ලබා තිබෙනවා. අප්‍රේල් 27 දින නව ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එය දිනයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනයි. මීට පෙර එම වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබුණේ අප්‍රේල් 26 දින වීමත් විශේෂත්වයක්. අප්‍රේල් 27 දිනය තුළ 6 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වන විට ජනගහණයට සාපේක්ෂකව, ජයගහණය මිලියනයකට ශ්‍රී ලංකාවේ සිටින ආසාදිතයින් ගණන 27 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 28 පස්වරු 1 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 134කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 447ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 317ක් බවද සඳහන් වේ.
අවසන් දින කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ආසාදිතයින් වාර්තා වීම ඉහළගොස් තිබෙනවා.
- අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
- අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
- අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
- අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
- අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
- අප්‍රේල් 27 දින ආසාදිතයින් 65 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 28 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 447 අතුරින්,
- IDH රෝහල – 140
- වැලිකන්ද මූලික රෝහල – 60
- මුල්ලේරියාව මූලික රෝහල – 67
- ඉරණවිල මූලික රෝහල – 21
- කාත්තන්කුඩි මූලික රෝහල – 55
- මිනුවන්ගොඩ මූලික රෝහල – 7
- නාවික හමුදා රෝහල – 97ක් ද ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ අනුව අප්‍රේල් 28 දින පෙරවරු 10.30 වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සෞඛ්‍ය දිස්ත්‍රික්ක අනුව
- කොළඹ – 155
- කළුතර – 63
- ගම්පහ – 47
- පුත්තලම – 41
- කුරුණෑගල – 18
- යාපනය – 16
- මහනුවර – 12
- අනුරාධපුර – 11
- කෑගල්ල – 8
- රත්නපුර – 7
- මොණරාගල – 4
- හම්බන්තොට – 3
- මාතර – 2
- කල්මුණේ – 2
- බදුල්ල – 2
- වවුනියාව – 2
- ගාල්ල – 1
- මඩකලපුව – 1
- මාතලේ – 1
- පොලොන්නරුව – 1
- ත්‍රිකුණාමලය – 1
- නිරෝධායන මධ්‍යස්ථාන – 41
- නාවික කඳවුර (වැලිසර) – 108
- විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)
- දිස්ත්‍රික්කය තහවුරු කර නොගත් – 38
මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් හා අම්පාර යන දිස්ත්‍රික්ක 5න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.