ව්‍යාපාර

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම වාර්ෂික පොලියක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය යටතේ රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමේ අරමුණින් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මූලිකත්වය විසින් රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වාර්ෂික පොලියක් නියම කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% ක් දක්වා නියම කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කර ඇත.

තවද, වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට පොලී අනුපාතිකය සීමා කර තිබේ.

පසුගිය දින කිහිපයේ දී ඇඳිරි නීතිය ඉවත් කළ පසු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ස්ථානවලට වඩා රන් භාණ්ඩ උකස් ගන්නා අයතනවල දිගු පෝලිම් දක්නට ලැබිණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top