විදේශ

ඉන්දියාව චීනයෙන් ගෙන්වූ කොරෝනා පරීක්ෂණ කට්ටලවල දෝෂ නිසා භාවිතයෙන් ඉවත් කරයි

Photo - B.Jothi Ramalingam - The Hindu

ඉන්දියාව විසින් චීනයෙන් ලබාගත් කොරෝනා වෛරසය තහවුරු කර ගැනීම සඳහා වූ වේගවත් පරීක්ෂණ කට්ටලවල පැවති දෝෂයන් හේතුවෙන් පන්ලක්ෂයක පමණ වූ පරීක්ෂණ කට්ටල සඳහා වූ ඇණවුම් අවලංගු කර ඇත. දිල්ලිය ඇතුළු ප්‍රාන්ත කිහිපයකම මෙම පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම දැනටමත් නතර කර ඇත.

චීනයෙන් ගෙන්වා දැනට ඉන්දියාවේ ප්‍රාන්තවලට බෙදා හැර ඇති මෙම කොරෝනා පරීක්ෂන කට්ටල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට එම ප්‍රාන්ත රජයන් ගණනාවක් විසින් පැමිණිලි කිරීම හේතුවෙන් එම පරීක්ෂණ කට්ටලද භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

චිනයෙන් අපනයනය කරන වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මක භාවයට ප්‍රමුඛතාවය දී ඇති බවත් ඇතැම් පුද්ගලයින් චීන නිෂ්පාදන ‘දෝෂ සහිත’ යැයි ලේබල් කිරීම සහ පූර්ව නිගමනයන්හි එල්බගෙන ඒ දෙස බැලීම අසාධාරණ සහ වගකීම් විරහිත බව චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ජි රොං අප්‍රේල් මස 28 වන දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

මෙම චීන පරීක්ෂණ කට්ටල ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා යොදා ගැනීමට ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය පොළඹවන ලද්දේ ද එරට ප්‍රාන්ත රජයන් විසින් වන බවත් මුලදී එම ඉල්ලීමට එකඟ වීමට පර්යේෂණ කවුන්සිලය පසුබෑමක් සිදු කළ ද පසුව එයට එකඟ වී චීන සමාගම් දෙකකින් එම පරීක්ෂණ කට්ටල ගෙන්වීමට අනුමැතිය ලබා දී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත්, මෙම පරීක්ෂණ කට්ටල භාවිත කිරීමට පටන් ගත් පසු එම කට්ටලවල නිරවද්‍යතාවය සියයට 5ක් වැනි සුළු ප්‍රතිශතයක් බවට බොහෝ ප්‍රාන්තයන් විසින් ඉන්දීය රජයට පැමිණිලි කරන්නට වූ අතර එයට හේතු වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කලින් තහවුරු කර ගත් පුද්ගලයින්ව මෙම කට්ටල යොදා ගෙන පරික්ෂා කිරීමේ දී ඔවුන්ගේ රුධිරයේ වෛරසයට අදාළ ප්‍රතිදේහ නොමැති බව පෙන්නුම් කිරීමයි .

අනතුරුව මෙම චීන පරීක්ෂණ කට්ටල පරික්ෂා කිරීමේදී ඒවායේ ප්‍රමිතිය බාල බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය මඟින් තහවුරු කර තිබේ .

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top