එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී සිටීමට අප්‍රේල් 28 දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය. එහිදී අදහස් දක්වමින් ඇඳිරි නීතිය කඩ කරමින් තමන් හමුවීමට පැමිණි බව කියූ පුද්ගලයා තමන් සම්බාහනය කිරීමට පැමිණි බව කීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් වෙත විරෝධය පළ කළ අතර ඔහු කුලී රථ සේවයක් පවත්වන අයෙකු බවත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ “ෆිසියෝතෙරපිස්ට්” කෙනෙකු ලෙස සේවය කර ඇති බවත් කියා සිටියා.
නමුත් අදාළ දිනයේ ඔහු පැමිණ ඇත්තේ එවැන්නකට නොවන බවත් බෙදා දීමට නියමිත වියලි ආහාර ද්‍රව්‍ය රැගෙන ඔහු පැමිණි බවත් රන්ජන් රාමනායක කියා සිටියා. එහිදී අදාළ පුද්ගලයාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ වාර්තා මගින් තමාට ඇති වූ අපහසුතාවය පිළිබඳවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමති රන්ජන් රාමනායක කියා සිටියේ චීනයෙන් ඩොලර් මිලියන 500, 700ක් අවස්ථා දෙකකදී ලැබී ඇති බවත් ඒවාට මොකද උනේ කියා දැන ගැනීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් ය. ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ “රත්තරං සත 5ක් ආවේ නෑ” කියූ බැවින් එය විමසීමට පාර්ලිමේන්තුව කඳවිය යුතු බව ඔහු කියා සිටියා. එමෙන්ම එම්සීසී ගිවිසුමෙන් ලැබීමට නියමිතව තිබුණෙ ඩොලර් මිලිය හාරසිය ගානක් බවත් කොරෝනා නිසා ඩොලර් මිලියන එක් දහස් ගානක් ලැබී ඇති බවද ඔහු කියා සිටියා.
එමෙන්ම බැසිල් රාජපක්ෂට අදාළ තනතුර ගැසට් කර ලබා දීම සම්බන්ධයෙන් විමසිය යුතු බවත් ඊට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විමසිය යුතු බවත් රන්ජන් රාමනායක කියා සිටියා. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් පාර්ලිමේන්තුවේ දී ඒ විමසීමට තමන්ට අයිතියක් ඇති බවත් රන්ජන් රාමනායක වැඩිදුරටත් කියා සිටියා.

