ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පස්වරු 10 වන විට 619ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව දිනය තුළ නව ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර දිනය තුළ 8 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 28 පස්වරු 10 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 134කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 478ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 317ක් බවද සඳහන් වේ.

