කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තැපැල්පති රංජිත් ආරියරත්නගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවල දී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත් දේශීය තැපෑල සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බාර දීමටත් මේ දින සිට මහජනතාවට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.
සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

