බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද බ්‍රිතාන්‍යයේ චිත්‍රපට වලද රංගනයෙන් දායක වූ සුපිරි නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මුම්බායිහි පිහිටි කොකිලබෙන් ධිරුබායි අම්බානි රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගිය අප්‍රේල් 28 වැනි අඟහරුවාදා දින ඔහුව ඇතුළත් කර ඇති බවත් මහා බඩවැලේ ඇති වූ ආසාදනයක් හේතුවෙන් අප්‍රේල් 29 වැනි බදාදා දිනයේ දී මිය ගොස් ඇති බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
1967 වර්ෂයේ ජනවාරි හත්වනදා රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් හි දී ‘සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන්’ නමින් උපත ලැබූ ඔහු මිය යන විට 54 වැනි වියේ පසු විය. 1988 වර්ෂයේ නාට්‍ය පාසලේ අවසන් වසරේ සිටිය දී ප්‍රථම වරට ඉර්ෆාන් ඛාන්ට මීරා නයිර් අධ්‍යක්ෂවරිය යටතේ ‘Salaam Bombay’ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වෙනවා. නමුත් සංස්කරණයේදී මීරා විසින් ඔහුගේ චරිතය ඉවත් කරනවා. එයින් නොසැලෙන ඉර්ෆාන් රූපවාහිනි මාලා නාටක වෙත අවධානය යොමු කරනවා. ඔහු 1994 සිට 1998 දක්වා රූපවාහිනියෙන් තම රංගන කෞශල්‍යය පිළිබිඹු කරනවා. නමුත් බොහෝ දෙනාගේ අවධානය ඉර්ෆාන් වෙත යොමු වන්නේ 2001 වර්ෂයේදී බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ ආසිෆ් කපාඩියාගේ ‘The Warrior’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ය.
2007 life in a metro, එම වර්ෂයේ දීම තිරගත වූ ඉන්දියානු – ඇමරිකානු චිත්‍රපටයක් වූ The namesake, 2008 වසෙරේ දී ලෝකයේම අවධානය යොමු වී හොදම චිත්‍රපටය ලෙස ඔස්කා සම්මානය දිනාගැනීමට සමත් වූ slumdog millionair, 2009 දී තිරගත වූ Billu Barber වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයන් ඉර්ෆාන් ඛාන්ගේ රංගනය ආදරයෙන් වැළඳගත් චිත්‍රපටයන් වේ.
2018 වසරේ මාර්තු 05 වන දින ඔහුට වැළඳී තිබු දුර්ලභ රෝගී තත්ත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට පෙර ඔහු තම ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා තිබුනේ මේ අයුරින්ය. “සමහර වෙලාවට ඔබ අවදි වන්නේ ජීවිතය අවුල් කරමින්. පසුගිය දින පහළොව තුළ මගේ ජීවිතය සැක සහිත කතාවකි. දුර්ලභ කතන්දර සෙවීමෙන් මට දුර්ලභ රෝගයක් ඇතිවිය හැකි බව මා දැන සිටියේ නැත. මම කවදාවත් අතහැර දමා නැති අතර මගේ තේරීම් වෙනුවෙන් සැමවිටම සටන් කර ඇත්තෙමි. මගේ පවුලේ අය සහ මිතුරන් මා සමඟ සිටින අතර අපි එය හැකි උපරිම ආකාරයෙන් සකස් කරමින් සිටිමු. අසීරු කාලවලදී, කරුණාකර අනුමාන නොකරන්න, සතියක් ඇතුළත මගේ කතාව ඔබ සමඟ බෙදා ගන්නෙමි – දින දහයක්, වැඩිදුර පරීක්ෂණ සඳහා නිශ්චිත රෝග විනිශ්චයක් ලැබෙන විට. එතෙක් මට සුබ පතන්න. ” යනුවෙන් ය.
එයින් දින කිහිපයකට පසුව 2018 මාර්තු 16 වන දින පණිඩිඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුනේ බඩවැල ආශ්‍රිත දුර්ලභගණයේ රෝගයක් ඔහුට වැළඳී ඇති බවයි. ප්‍රතිකාර ලැබීම සඳහා ඔහු ඉන්පසුව ලන්ඩනයට ගොස් ඇති අතර අවසන් වරට ඔහු රංගනයෙන් දායක වූ English Medium චිත්‍රපටය එහිදී සහ රාජස්ථාන් ප්‍රදේශයේ දී රූගත කිරීම් සිදුව ඇත. පසුව, 2019 වසරේ දී English Medium චිත්‍රපටය සඳහා ඉර්ෆාන් ඛාන් හට filmfare උළෙලේ දී හොඳම නළුවා සම්මානය ද හිමි විය.

