ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 29 බදාදා පස්වරු 2 වන විට 622ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 29 දිනය තුළ නව ආසාදිතයින් 3ක් තහවුරු වීමත් සමගයි. අප්‍රේල් 28 දින නව ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
අප්‍රේල් 28 දින හඳුනාගත් ආසාදිතයින් 31 දෙනාගෙන් 21 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 4 දෙනෙකු යුධ හමුදා සාමාජිකයින් වේ. අනෙක් 6 දෙනා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බවද වාර්තා වේ.
ඒ අනුව අප්‍රේල් 29 පස්වරු 2 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 134කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 481ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 250ක් බවද සඳහන් වේ.
අවසන් දින කිහිපය තුළ ආසාදිතයින් වාර්තා වීම මෙසේය.
- අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
- අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
- අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
- අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
- අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
- අප්‍රේල් 27 ආසාදිතයින් 65 දෙනෙකුත්
- අප්‍රේල් 28 දින ආසාදිතයින් 31 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
අප්‍රේල් 22 දින සිට හඳුනාගෙන ඇති නව ආසාදිතයින් 308 දෙනාගෙන් 235 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් වන අතර 73 දෙනෙකු වෙනත් පුද්ගලයින් වේ.
ඒ අනුව අප්‍රේල් 29 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 478 අතුරින්,
- IDH රෝහල – 139
- වැලිකන්ද මූලික රෝහල – 63
- මුල්ලේරියාව මූලික රෝහල – 69
- ඉරණවිල මූලික රෝහල – 22
- කාත්තන්කුඩි මූලික රෝහල – 55
- මිනුවන්ගොඩ මූලික රෝහල – 0
- නාවික හමුදා රෝහල – 127ක් ද (තිදෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතී) ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ අනුව අප්‍රේල් 29 දින පෙරවරු 10.30 වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සෞඛ්‍ය දිස්ත්‍රික්ක අනුව
- කොළඹ – 155
- කළුතර – 63
- ගම්පහ – 47
- පුත්තලම – 41
- කුරුණෑගල – 20
- යාපනය – 16
- මහනුවර – 13
- අනුරාධපුර – 12
- කෑගල්ල – 8
- රත්නපුර – 8
- මොණරාගල – 4
- හම්බන්තොට – 3
- බදුල්ල – 3
- මාතර – 2
- කල්මුණේ – 2
- වවුනියාව – 2
- ගාල්ල – 1
- මඩකලපුව – 1
- මාතලේ – 1
- පොලොන්නරුව – 1
- ත්‍රිකුණාමලය – 1
- අම්පාර – 1
- නිරෝධායන මධ්‍යස්ථාන – 41
- නාවික කඳවුර (වැලිසර) – 170
- විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)
මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක 4න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.

