දේශීය පුවත්

තවත් ආසාදිතයින් 5ක් හඳුනාගනී, 2ක් සුව වෙයි, මුළු ආසාදිතයින් ගණන 627යි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 29 බදාදා පස්වරු 8 වන විට 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 5 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි. ඒ අනුව අප්‍රේල් 29 දිනය තුළ නව ආසාදිතයින් 8ක් තහවුරු වී තිබෙනවා. මේ අතර තවත් ආසාදිතයින් 2ක් සුවය ලබා ඇති තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 29 පස්වරු 8 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 136කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 484ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 250ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top