ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 29 බදාදා රාත්‍රී 11.30 වන විට 649ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 22 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි. ඒ අනුව අප්‍රේල් 29 දිනය තුළ නව ආසාදිතයින් 30ක් තහවුරු වී තිබෙනවා. මේ අතර තවත් ආසාදිතයින් 2ක් සුවය ලබා ඇති තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 29 පස්වරු 8 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 136කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 506ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 250ක් බවද සඳහන් වේ.
- තවත් ආසාදිතයින් 5ක් හඳුනාගනී, 2ක් සුව වෙයි, මුළු ආසාදිතයින් ගණන 627යි
- 622 දක්වා ඉහළට, ආසාදිතයින් වාර්තා වී නැත්තේ දිස්ත්‍රික්ක 4කින් පමණයි
ඒ අනුව පළමුවරට සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 500 සීමාව ඉක්මවමින් 504 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් 20 දින සිට ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර අප්‍රේල් 23 දින සිට අඛණ්ඩව දෛනික නව ආසාදිතයින් ප්‍රමාණය 30 සීමාව ඉක්මවා තිබෙනවා.
- අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
- අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
- අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
- අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
- අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
- අප්‍රේල් 27 ආසාදිතයින් 65 දෙනෙකුත්
- අප්‍රේල් 28 ආසාදිතයින් 31 දෙනෙකුත්
- අප්‍රේල් 29 දින මෙතෙක් ආසාදිතයින් 30 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
