ගත වූ දින 60 ක කාලයක් තුළ දී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1831 ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. පසුගිය මාර්තු මාසයේ දී ඉන් බහුතරය වන රෝගීන් 1637 දෙනෙකු වාර්තා වී ඇති අතර අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 294 දෙනෙකු වාර්තා වී ඇත. එබැවින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද ඩෙංගු රෝගය පැතිර යාම පිළිබඳව දක්වන සැලකිල්ල අඩු නොකිරීමට කටයුතු කරන මෙන් වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දැනට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගයේ මර්දන කටයුතු පිළිබදව අවධානය ගිලිහී ගිය හොත් රට තුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව අප්‍රේල් මස 29 වැනි දින ඩෙංගු මර්දනය සදහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ නිළධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවක දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අනාවරණය කළාය.
එළඹෙන වර්ෂා සමය ආරම්භයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති බැවින් ඉදිරිකාලය තුළදී ඩෙංගු මදුරු ඝණත්වය වැඩි වී ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් මේ පිළිබදව කල් තබාම සූදානම්විය යුතු බව බවත් පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
සංඛ්‍යාලේඛව පිරික්සීමේ දී, විශේෂයෙන්ම නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීමෙී ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බවත් , රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර ) නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද, වසර අගදී ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි ආශ්‍රිතවද වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය පෙන්වා දෙයි.
පසුගිය සංඛ්‍යා ලේඛණ පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේදී ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවත් ඒම නිසා මෙය මර්දනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසටද , කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට තාවකාලිකව ඉදිකිරීම් නවතා දමා ඇති සියලු ඉදිකිරීම් ස්ථාන පිළිබදව විශේෂ අවධානයක් යොමුකර මදුරු ව්‍යාප්තිය මර්ධනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග ද කඩිනමින් ගන්නා ලෙසට මෙහිදී ඇමතිනිය නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය .
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගනී. පළමු වරට ඩෙංගු රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තතත්ත්වයක් පළමුවරට වාර්තා වුයේ 1965-1966 වසරවලදීය. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුළ සිදුවී ඇත. මෙම තත්ත්වය මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

