විදෙස්ගත ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළව දියත් කර ඇති වැඩපිළේ පියවරක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඕස්ට්‍රේලියාවේ හා එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අප්‍රේල් 30 දින නිකුත් කර ඇති අදාළ නිවේදනයේ දැක්වෙන්නේ එක්සත් රාජධානියේ හා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දරන සිසුන් කඩිනමින් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසයි. අදාළ නිවේදනය පහතින්.
දැනුම්දීම: නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන, එක්සත් රාජධානියේ හෝ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දරණ සිසුන් හැකි ඉක්මනින් තම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.
Notice: Students holding Sri Lankan passports in the UK or Australia who wish to be repatriated to Sri Lanka, are kindly advised to register themselves with the Sri Lankan High Commission in their respective countries at the earliest.

