ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා පස්වරු 4 වන විට 649ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 30 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් තහවුරු වී නොමැති වීමත් සමගයි. අප්‍රේල් 30 දිනය තුළ 3ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාදිතයින් ගණන 30ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
අප්‍රේල් 28 දින හඳුනාගත් ආසාදිතයින් 30 දෙනාගෙන් 22 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවද වාර්තා වේ.
ඒ අනුව අප්‍රේල් 30 පස්වරු 4 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 139කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 503ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 187ක් බවද සඳහන් වේ.
අවසන් දින කිහිපය තුළ ආසාදිතයින් වාර්තා වීම මෙසේය.
- අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
- අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
- අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
- අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
- අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
- අප්‍රේල් 27 ආසාදිතයින් 65 දෙනෙකුත්
- අප්‍රේල් 28ආසාදිතයින් 31 දෙනෙකුත්
- අප්‍රේල් 29 දින ආසාදිතයින් 30 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
අප්‍රේල් 22 දින සිට හඳුනාගෙන ඇති නව ආසාදිතයින් 338 දෙනාගෙන් 264 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් වන අතර 74 දෙනෙකු වෙනත් පුද්ගලයින් වේ.
ඒ අනුව අප්‍රේල් 30 දින පස්වරු 4 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 503 අතුරින්,
- IDH රෝහල – 141
- වැලිකන්ද මූලික රෝහල – 66
- මුල්ලේරියාව මූලික රෝහල – 75
- ඉරණවිල මූලික රෝහල – 22
- කාත්තන්කුඩි මූලික රෝහල – 55
- මිනුවන්ගොඩ මූලික රෝහල – 0
- නාවික හමුදා රෝහල – 126ක් ද
- මිනුවන්ගොඩ මූලික රෝහල – 18ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ අනුව අප්‍රේල් 30 දින පෙරවරු 4 වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සෞඛ්‍ය දිස්ත්‍රික්ක අනුව
- කොළඹ – 157
- කළුතර – 65
- ගම්පහ – 47
- පුත්තලම – 41
- කුරුණෑගල – 23
- යාපනය – 16
- මහනුවර – 15
- අනුරාධපුර – 12
- කෑගල්ල – 8
- රත්නපුර – 8
- මොණරාගල – 4
- හම්බන්තොට – 3
- බදුල්ල – 3
- මාතර – 2
- කල්මුණේ – 2
- වවුනියාව – 2
- ත්‍රිකුණාමලය – 2
- ගාල්ල – 1
- මඩකලපුව – 1
- මාතලේ – 1
- පොලොන්නරුව – 1
- අම්පාර – 1
- නිරෝධායන මධ්‍යස්ථාන – 41
- නාවික කඳවුර (වැලිසර) – 190
- විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)
මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක 4න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.
අප්‍රේල් 30 පස්වරු 4 වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 21.4%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ. එම මරණ අනුපාතය දකුණු ආසියාවේ මරණ සිදුවී ඇති රටවල මරණ අනුපාතයන් අතුරින් අඩුම මරණ අනුපාතයයි.

