තවත් ආසාදිතයින් 4ක් හඳුනාගනී, සක්‍රීය ආසාදිතයින් ගණන 507 දක්වාත් සමස්තය 653 දක්වාත් ඉහළට
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා පස්වරු 6.30 වන විට 653ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 30 දිනය තුළ නව ආසාදිතයින් 4ක් තහවුරු වීමත් සමගයි. දිනය තුළ 3ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 30 පස්වරු 6.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 139කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 507ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 187ක් බවද සඳහන් වේ.