කොවිඩ්-19

තවත් ආසාදිතයින් 7ක්, සක්‍රීය ආසාදිතයින් ගණන 514යි, සමස්ථය 660යි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා පස්වරු 9.30 වන විට 660ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 7 දෙනෙකු තහවුරු කර ගැනීමත් සමගයි. ඒ අනුව අප්‍රේල් 30 දිනය තුළ නව ආසාදිතයින් 11ක් තහවුරු වී තිබෙනවා. දිනය තුළ ආසාදිතයින් 3ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 30 පස්වරු 9.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 139කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 514ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 187ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top