,
Covid-19

මැයි 1ත් ආසාදිතයින් 25ක්, සමස්ථය 690යි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 1 සිකුරාදා පස්වරු 9.30 වන විට 690ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ මැයි 1 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 25ක් තහවුරු වීමත් සමගයි. දිනය තුළ 5ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 1 පස්වරු 9.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 162කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 521ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 145ක් බවද සඳහන් වේ.

අවසන් දින කිහිපය තුළ ආසාදිතයින් වාර්තා වීම මෙසේය.

  • අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
  • අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
  • අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
  • අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
  • අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
  • අප්‍රේල් 27 ආසාදිතයින් 65 දෙනෙකුත්
  • අප්‍රේල් 28ආසාදිතයින් 31 දෙනෙකුත්
  • අප්‍රේල් 29ආසාදිතයින් 30 දෙනෙකුත්
  • අප්‍රේල් 30ආසාදිතයින් 16 දෙනෙකුත්
  • මැයි 1 දින මෙතෙක් ආසාදිතයින් 25 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

ඒ අනුව මැයි 1 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 501 අතුරින්,

  • IDH රෝහල – 137
  • වැලිකන්ද මූලික රෝහල – 57
  • මුල්ලේරියාව මූලික රෝහල – 78
  • ඉරණවිල මූලික රෝහල – 18
  • කාත්තන්කුඩි මූලික රෝහල – 58
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 0
  • නාවික හමුදා රෝහල – 129ක් ද
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 24ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අනුව මැයි 1 දින පෙරවරු 10.30 වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සෞඛ්‍ය දිස්ත්‍රික්ක අනුව

  • කොළඹ – 158
  • කළුතර – 65
  • ගම්පහ – 52
  • පුත්තලම – 41
  • කුරුණෑගල – 23
  • යාපනය – 16
  • මහනුවර – 15
  • අනුරාධපුර – 12
  • කෑගල්ල – 8
  • රත්නපුර – 8
  • මොණරාගල – 4
  • හම්බන්තොට – 3
  • බදුල්ල – 3
  • මාතර – 2
  • කල්මුණේ – 2
  • වවුනියාව – 2
  • ත්‍රිකුණාමලය – 2
  • ගාල්ල – 1
  • මඩකලපුව – 1
  • මාතලේ – 1
  • පොලොන්නරුව – 1
  • අම්පාර – 1
  • නිරෝධායන මධ්‍යස්ථාන – 41
  • නාවික කඳවුර (වැලිසර) – 199
  • විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)

මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක 4න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.

මැයි 1 පස්වරු 9.30 විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 23.4%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ. එම මරණ අනුපාතය දකුණු ආසියාවේ මරණ සිදුවී ඇති රටවල මරණ අනුපාතයන් අතුරින් අඩුම මරණ අනුපාතයයි.

Rivira Ads
To Top