ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 2 සෙනසුරාදා පස්වරු 1.30 වන විට 690ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 2 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව මැයි 2 පස්වරු 1.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 172කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 511ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 179ක් බවද සඳහන් වේ.
මේ අතර දෛනික වාර්තාව මගින් වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මාර්තු 31 දිනෙන් පසුව හඳුනාගත් ආසාදිතයින්ගෙන් අතිශය බහුරතයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ආසාදිතයින් බවයි.
මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
ඒ අනුව මැයි 2 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 511 අතුරින්,
- IDH රෝහල – 133
- වැලිකන්ද මූලික රෝහල – 51
- මුල්ලේරියාව මූලික රෝහල – 78
- ඉරණවිල මූලික රෝහල – 17
- කාත්තන්කුඩි මූලික රෝහල – 59
- නාවික හමුදා රෝහල – 140ක් ද
- හෝමාගම මූලික රෝහල – 24ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ අනුව මැයි 2 දින පෙරවරු 10.30 වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සෞඛ්‍ය දිස්ත්‍රික්ක අනුව
- කොළඹ – 160
- කළුතර – 65
- ගම්පහ – 53
- පුත්තලම – 41
- කුරුණෑගල – 27
- යාපනය – 16
- මහනුවර – 15
- අනුරාධපුර – 12
- කෑගල්ල – 8
- රත්නපුර – 8
- මොණරාගල – 4
- හම්බන්තොට – 3
- බදුල්ල – 3
- මාතර – 2
- කල්මුණේ – 2
- වවුනියාව – 2
- ත්‍රිකුණාමලය – 2
- ගාල්ල – 1
- මඩකලපුව – 1
- මාතලේ – 1
- පොලොන්නරුව – 1
- අම්පාර – 1
- නිරෝධායන මධ්‍යස්ථාන – 41
- නාවික කඳවුර (වැලිසර) – 217
- විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)
මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක 4න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.
මැයි 2 පස්වරු 1.30 විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 24.9%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ. එම මරණ අනුපාතය දකුණු ආසියාවේ මරණ සිදුවී ඇති රටවල මරණ අනුපාතයන් අතුරින් අඩුම මරණ අනුපාතයයි.
