,
Covid-19

සමස්ථ ආසාදිතයින් 705 දක්වා ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම (මැයි 3 පෙරවරු 06.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 2 සෙනසුරාදා පස්වරු 11.55 වන විට 705ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 2 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 15 වාර්තා වී ඇති අතර 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

සමස්ථ ආසාදිතයින් 702 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 2 සෙනසුරාදා පස්වරු 10.30 වන විට 702ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 2 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 12 වාර්තා වී ඇති අතර 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 2 පස්වරු 10.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 172කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 523ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 179ක් බවද සඳහන් වේ.

මේ අතර ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාමත් සමග නව මරණ වාර්තා නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 0.9%ක් දක්වා අඩු වී තිබෙනවා.

Rivira Ads
To Top