කොවිඩ්-19

සමගි ජන බලවේගයත් කොරෝනා මර්දනයට අගමැති කැඳවූ රැස්වීම වර්ජනය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මැයි 04 දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව මැයි 02 දින නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගය පවසනවා.

ඒ අනුව සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් කිසිවෙකු මෙම රැස්වීමට සහභාගී නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අදාළ නිවේදනය මගින් කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීමේ දෙබිඩි පිළිවෙත පිළිබඳ විමතියට පත්වන බවයි එම නිවේදනයේ සඳහන්. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට කළ ඉල්ලීම නොසළකා හැරීමෙන් තම පක්ෂය යොමු කළ ලිපියේ ස්වර්ණමය අන්තර්ගතය ජනාධිපතිවරයා විසින් නොසළකා හැර ඇති බව ද සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා සිටිනවා.

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ අදාළ රැස්වීමට සිය සාමාජිකයන්ද සහභාගී නොවිය යුතු බවයි. සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණයට අනුකූලව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ද අදාළ තීරණයට එළැඹි බව එහි නායක රවුෆ් හකීම් කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top