,
Covid-19

තරු 5 නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කෙරේ, දිනකට රු 7500ක්

විදේශයන්හි සිට ආපසු මෙරටට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නම්, තෝරාගත් හෝටල් දෙකක ගෙවීමේ පදනම මත නිරෝධායනයට ලක්වීමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

වස්කඩුව සිට්‍රස් හෝටලයත්, ජෙට්වින්ග් සමාගමට අයත් ජෙට්වින්ග් බ්ලූ හෝටලයත් මෙලෙස සූදානම් කර ඇති බවත් එහිදී එක් පුද්ගලයෙකුට එක් දිනක් සඳහා රු.7,500ක මුදලක් අය කිරීමට නියමිත බව නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කරයි. එහෙත්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ අදාළ නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල සිට ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම මැයි 3 සිට ආරම්භ වී ඇති බවත් එහිදී විදෙස් ගත ලාංකිකයින්ගේ ඉල්ලීම් සළකා බලා මෙම අවස්ථාව සංවිධානය කර ඇති බවත් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එංගලන්තයේ සිට ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස ගෙන්වා ගැනීමට මැයි 3, 4 සහ 5 විශේෂ ගුවන් ගමන් සැළසුම් කර ඇති අතර එහි පළමු ගුවන් යානය මගීන් 260 දෙනෙකු සමඟ එක්සත් රාජධානියේ සිට මැයි 3 දින පැමිණීමට නියමිතයි.

Rivira Ads
To Top